Blogger Widgets

Friday, December 20, 2013

වින්ඩෝස් බූට් තිරය සගවා පරිගණකය බූට් වන වේගය වැඩි කරගැනීම

ඉතින් කොහොමද මචන්ලා.මෙගාලයින්ට්‍රික් බ්ලොග් අඩවිය අලුතින් නිර්මාණය උන බ්ලොග් අඩවියක්.බ්ලොග් අඩවියේ මුලින්ම පළවුණේ වින්ඩොව්ස් වලින් පොඩි මැජික් එකක් පෙන්වන විදිය.ඉතින් ඒ ක්‍රමේ ගොඩක් අය දන්නවා ඇති.නොදන්නා අයත් ඇති.මේ වගේ පොඩි පොඩි Computer Trick ඔයාලට කියලා දෙන්නේ මම ලොකු ලොකු Computer Trick නොදන්නා නිසා නෙවෙයි.අපි වැඩක් පටන් ගන්නකොට ඒ වැඩේ ආරම්බය පටන් ගන්න ඕන කුඩා ස්ථානයක සිට.එතකොට තමයි අපේ ජීවත වලට සාර්ථකත්වය ළගා කරගන්න පුළුවන් වෙන්නේ.මටත් මේ බ්ලොග් අඩවියේ Java,VB වගේ Programing language වල Tricks සහ ඒවායින් Software හදන විදිය වගේ දේවල් දන්නා තිබුනා.ඒත් එකපාරටම ඒ වගේ Advance දේකට යන්න කලින් පොඩි පොඩි දේවල් දැනගෙන ඉන්න ඕන.
මම  උදාහරණයක්‌ ගන්නම්,මම එක සැරේටම මේ බ්ලොග් අඩවියේ Android app එකක් හදන විදිය දැම්මොත් ඔයාට ඒක තේරුම් ගන්න බැරි වෙයි නේද?.මොකද Android app එකක් හදන්න කලින් Java ඉගෙනගෙන ඉන්න ඕන.Java ඉගෙන ගන්න කලින් Windows,Registry,Net beans වගේ දේවල් දැන ගෙන ඉන්න ඕන.ඒක නිසා තමයි මම පොඩි තැනේ ඉදලම වැඩේ පටන් ගත්ත.මම ඉදිරියට ඔයාටම කියලා වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න ආකාරය.Wamp  Offline server ඒකට Joomla හෝ WordPress දාලා Web Design කරන විදිය ගැන කියලා දෙනවා.ඊට පස්සේ අපිට පුළුවන් Visual Basic පටන් ගන්න.එතකොට ඔයාටම කියලා Software එකක් ඔයාට හදන්න පුළුවන් වේවි.ඉතින් මේ ඔක්කොම කරන්න වෙන්නේ ඔයාලා Megalinetrick  බ්ලොග් අඩවියත් සමග දිගටම රැදුනොත් විතරයි.හරි එහෙනම් අපේ වැඩේට බහිමු

පරිගණකය බූට් වන වේගය වැඩි කර ගැනීමට විවිද ක්‍රම තියෙනවා .ඉන් එක් ක්‍රමයක් වෙන්නේ වින්ඩොව්ස් සප්ලැශ් තිරය අක්‍රිය කිරීම.මන්ද වින්ඩොව්ස් සප්ලැශ් තිරය සක්‍රියඇති විට ඒ වෙත පිවිසීමට අමතර මතක ප්‍රමාණයක්  ලබා ගැනීම නිසා ඊට කල් ගත වන බැවිනි.මෙම වින්ඩොව්ස් සප්ලැශ් තිරය අක්‍රිය කිරීමට පහත ක්‍රමය අනුගමනය කරන්න
Windows+R ප්‍රෙස් කර Run ඩයලොග් බොක්ස් ඒක වෙත පිවිසෙන්න.ඒ තුල msconfig කියලා Type කරලා Ok දෙන්.ඉන් පසුව ඔයාට පහත ආකාරයේ තිරයක් මතු වේවි.

එම තිරයේ Boot Tab එකට ගොස් No GUI boot කියන වචනේ ඉදිරියෙන් ඇති කොටුවට ටික් එකක් දාලා Apply කර OK කරන්න.ඉන් පසුව පරිගණකය Restart කරන ලෙස ඔබට පණිවුඩයක් ලැබෙනු ඇත.Restart Click කරන්න.මොකක් හරි අවුලක් තිබුනොත් Comment එකක් දාන්න.

0 comments:

Post a Comment

Total Pageviews

Join us on Facebook

Please wait..10 Seconds Close
Lasheen Tinosh Gamage. Powered by Blogger.

Translate

latest posts

Search This Blog

Join us on Facebook

Please wait..10 Seconds Close